විදෙස්

හොංකොං ප්‍රජාතන්ත්‍රවාදී හිතවාදී ක්‍රියාකාරිකයෙක් වන ජෝෂුවා වොන් අත්අඩංගුවට

(UTV| හොංකොං) – ප්‍රකට හොංකොං ප්‍රජාතන්ත්‍රවාදී හිතවාදී ක්‍රියාකාරිකයෙකු වන ජෝෂුවා වොන් හොංකොංහිදී අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

ඒ ඔහු පිහිටුවන්නට සහය දුන් දේශපාලන පක්ෂයේ ප්‍රකාශයකට අනුවයි.

එරට වේලාවෙන් 07:30 ට පමණ දුම්රිය ස්ථානයකට ඇවිද යමින් සිටි ඔහුව “බලහත්කාරයෙන් පාරේ පෞද්ගලික වැන් රථයකට තල්ලු කර” ඇති බවයි  ඩිමොසිස්ටෝ පක්ෂය පවසයි.

පසුව ඔහුව වන් චායි හි පිහිටි පොලිස් මූලස්ථානයට ගෙන ගිය බව ඔහුගේ පක්ෂය පවසා තිබේ.

මේ සම්බන්ධයෙන් පොලිසිය මෙතෙක් අදහස් දක්වා නොමැති බවයි එරට මාධ්‍ය කියා සිටියි.

ඩිමොසිස්ටෝ කියා සිටින්නේ තමාට චෝදනා තුනකට මුහුණ දී ඇති නමුත් ඒවා මොනවාදැයි තවමත් පැහැදිලි නැති බවයි .

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මැන්කුට් චීනයට කඩා වදී

Mohamed Dilsad

බංගලාදේශයේ හිටපු අගමැති ෂෙයික් හසීනාට මරණ දඬුවම

Editor O

ට්විටර් ප්‍රතිසංස්කරණය කිරීමට සැලසුම්

Mohamed Dilsad

Leave a Comment