ප්‍රමුඛ පුවත 1

මඩකලපුවේ විරෝධතාවයේදී පිරිසක් තුවාල ලබයි(වීඩියෝ)

(UTV|මඩකලපුව) – මඩකලපුව, කල්අඩි පාලම අසල ප්‍රදේශවාසීන් පැවැත්වූ  විරෝධතාවක් විසුරුවා හැරීම සඳහා පොලීසිය උත්සාහ කිරීමේදී  ඇතිවූ නොසන්සුන්තාවයක් නිසා පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා තිබේ.

කල්අඩි පාලම අසල ප්‍රදේශවාසීන්  පිරිසක් ඊයේ පස්වරුවේ විරෝධතාවයක් පැවැත්වූ අතර එය විසුරුවා හැරීමට පොලිසියෙන් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇත.

පොලීසිය පැවසුවේ එම අවස්ථාවේ ඇති වු නොසන්සුන්තාවය හේතුවෙන් පුද්ගලයින් සිව්දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු ගේ ශරීර කොටස් මඩකළපුව,කල්ලියන්කාඩු සුසාන භුමියේ මිහිදන් කිරිමට එරෙහිව මෙම විරෝධතාව පැවැත්වුණි.

ඒ පාස්කු ඉරුදින ප්‍රහාරයේදී  මඩකලපුව සියෝන් දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ බෝම්බකරුගේ හිස කොටස කල්ලියන්කාඩු සුසාන භුමියේ මිහිදන් කිරිමට එරෙහිවය.

මෙම බෝම්බකරුගේ හිස කොටස මෙතෙක් රෝහල් මෘත ශරිරාගාරයේ තබා තිබූ අතර එය පෙරේදා කල්ලියන්කාඩු සුසාන භුමියේ මිහිදන් කර තිබේ.

මේ නිසා ඊයේ(27) දහවල් සිට විරෝධතාවයේ නිරතව සිටි පිරිස පස්වරුවේ කල්අඩි පාලම අසලින් මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක නිරත වුණි.

Related posts

ශ්‍රේෂ්ඨාධිකරණ පෙත්සම් විභාගය විනාඩි 15 කට කල් දැමේ

Mohamed Dilsad

පළාත් කීපයකට අදත් මිලිමීටර් 75 ඉක්මවූ තද වැසි…

Mohamed Dilsad

දිස්ත්‍රික් 09ක නායයෑම් අවදානම තවදුරටත්

Mohamed Dilsad

Leave a Comment