ප්‍රමුඛ පුවත 1

පුද්ගලයෙකු වහලය මතින් වැටී මරුට

(UTV|මහනුවර)  –  ගලහ , දෙල්තොට ප්‍රදේශයේ නිවසක් ඉදිකරමින් සිටි පුද්ගලයෙකු එහි වහලයෙන් ඇද වැටී ජීවිතක්ෂයට පත්වී ඇති බව පොලිසිය පවසයි.

අඩි 9ක් පමණ උස වහලයකට නැග ඇති ඔහු ජල නළ සවි කිරීමකට සූදානම් වූ අවස්ථාවේදීය ඉන් ඇද වැටී ඇත.

පසුව ඔහු දෙල්තොට රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ වන විටත් ඔහු මිය ගොස් සිටි බව පොලීසිය සඳහන් කළේය.

මෙලෙස මිය ගොස් ඇත්තේ ලූල්කඳුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 45ක් තිදරු පියෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් ගලහ පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ශ්‍රී ලංකාව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රසාදයට

Mohamed Dilsad

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දය ඔක්තෝබර් 11

Mohamed Dilsad

JMI සංවිධානයේ තවත් දෙදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment