ප්‍රමුඛ පුවත 1

පස්වරුවේ ගිගුරුම් සහිත වැසි

(UTV| කොළඹ) – සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති වීමේ වැඩි හැකියාවක් ඇති බැවින්, විශේෂයෙන් උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල ගිගුරුම් සහිත වැසි සමග තාවකාලිකව තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා  ලෙස  ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටි.

යාපනය, මන්නාරම සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇති වන අතර බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වල වැසි වාර කිහිපයක් ඇතිවේ.

සෙසු පළාත්වල තැනින් තැන සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මි.මී. 75 ට වැඩි තරමක තද වර්ෂාපතනයන් ඇතිවිය හැ බව කාලගුණ අංශය පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තොරතුරු සතිය ප්‍රකාශයට පත් කිරීම අද මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී

Mohamed Dilsad

ජනපති පාකිස්ථානය බලා යාමට සුදානම්

Mohamed Dilsad

බේකරි නිෂ්පාදන වල මිල යළිත් ඉහළට

Mohamed Dilsad

Leave a Comment