ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

ඉරිඟු මෙටි‍්‍රක් ටොන් 80,000ක් ආනයනයට කැබිනට් අනුමැතිය

(UTV| කොළඹ) – 2020 ජනවාරි 31 වන දාට පෙර සත්ත්ව ආහාර සඳහා ඉරිඟු මෙටි‍්‍රක් ටොන් 80,000ක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

ඉන් මෙටි‍්‍රක් ටොන් 50,000ක් ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය මගින් ආනයනය කරනු ඇති අතර ඔවුන් ඒවා සත්ත්ව නිෂ්පාදන සමාගම් වෙත බෙදා දීමට නියමිතයි.

තවත් ඉරිඟු මෙටි‍්‍රක් ටොන් 30,00 0ක් සත්ත්ව ගොවිපළ පවත්වාගෙන යන අය සඳහා ආනයනය කිරිමට අනුමැතිය හිමිවුණි.

සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි සත්ත්ව ගොවිපළවලට ඒ සඳහා ආනයන බලපත්‍ර නිකුත් කිරීමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සජිත් ගෙන් විශේෂ ප්‍රකාශයක්

Mohamed Dilsad

ගම තුළ සංවර්ධනයේ දැවැන්ත පෙරළියක්,ළඟදීම ගම් පෙරළිය වැඩසටහනින්

Mohamed Dilsad

වෙන්නප්පුව එජාප ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරිය යලි රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

Leave a Comment