ප්‍රමුඛ පුවත 1

2020 වසර සඳහා නොමිලේ පෙළපොත් බෙදාහැරීම අදින් ඇරඹේ.

(UTV| කොළඹ) – රජයේ සියලු පාසල් සිසු දරුවන්ට හා පිරිවෙන් ශිෂ්‍ය භික්ෂූණ් වහන්සේ හට 2020 වර්ෂය සඳහා නොමිලේ ලබාදෙන පෙළපොත් බෙදා හැරීම අද (16) පෙරවරුවේ නිල වශයෙන් ආරම්භ කළේය

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් පෙ.ව. 10.30 ට හෝමාගම පිටිපන පිහිටි අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තු ගබඩා සංකීර්ණයේ දී පෙළ පොත් බෙදාහැරීමේ නිල උත්සවය පවත්විය

2019 වසරේ අවසන් වාරයේ පාසල් නිවාඩුවට පෙර සමස්ත පාසල් දරුවන්ට 2020 වසර සඳහා පෙළ පොත් ලබාදීම හා ගුරුවරුන්ට ගුරු මාර්ගෝපදේශ සංග්‍රහ ලබාදිය යුතු බවට අධ්‍යාපන අමාත්‍යවරයා අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබේ

නොමිලේ පෙළපොත් ලබාදීම සඳහා පමණක් රජය මෙවර රුපියල් මිලියන 4,165ක් වැය කරන අතර , පොත් වර්ග 448 කින් පිටපත් මිලියන 43 ක් සිසුන් අතට පත්කිරීමට නියමිතයි.

මෙහිදී පිරිවෙන් ශිෂ්‍ය භික්ෂූණ්වහන්සේ සඳහා 01 ශ්‍රේණියේ සිට 05 ශ්‍රේණිය දක්වා පොත් වර්ග 54ක් පිරිනැමෙන අතර , 1 සිට 11 ශ්‍රේණිය දක්වා පාසල් සිසුන්ගේ පෙළපොත් සහ 12 ශ්‍රේණියේ සාමාන්‍ය ඉංග්‍රීසි පෙළ පොත ද මේ පොත් වර්ග 448 අතරට අයත් වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පසුගිය කාලසීමාවේ සිදුවූ සිදුවීම් වහාම විභාගයට [VIDEO]

Mohamed Dilsad

ශ්‍රී ලංකාව සම අනුග්‍රාහකත්වයෙන් ඉවත්වන බව මානව හිමිකම් කවුන්සිලයට දන්වයි

Mohamed Dilsad

සතියක කාලසීමාවක් සඳහා දිවයින පුරා හදිසි නීතිය

Mohamed Dilsad

Leave a Comment