ප්‍රමුඛ පුවත 1

වසරේ ගතවූ මාස හතට ඩෙංගු රෝගීන් 36,000 කට අධික සංඛ්‍යාවක්

UTV | කොළඹ – මේ වසර ආරම්භයේ සිට ගතවූ මාස 07 යි දින 11 තුළදී දිවයිනෙන්ම ඩෙංගු රෝගීන් 36,000 කට අධික සංඛ්‍යාවක් වාර්තාවන බවත්, මෙම කාලය තුළදී දිවයිනෙන්ම ඩෙංගු මරණ 55 ක් වාර්තා වී ඇති බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තාවන්නේ බස්නාහිර පළාතේ කොළඹ හා ගම්පහ දිස්ත‍්‍රික්කවලින් බවත්, එය 45 % ප‍්‍රමාණයක් බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප‍්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය ප‍්‍රසිලා සමරවීර මහත්මිය අවධාරණය කළාය.

පසුගිය වසරේ  දිවයිනෙන්ම ඩෙංගු රෝගීන් 51,000 ක් වාර්තාවූ බවත්, එම කාලය තුළ දිවයිනෙන්ම ඩෙංගු මරණ 58 ක් වාර්තාවූ බවත් ඇය වැඩිදුරටත් පැවසීය.

Related posts

ජලය, විදුලිය සහ ආහාර උපරිම පිරිමැස්මකින් භාවිත කරන්නැයි උපදෙස්

Mohamed Dilsad

දුම්රිය මගීන් සඳහා පෙරගෙවුම් කාඩ්පතක්

Mohamed Dilsad

ගාලු පාර කොල්ලුපිටියෙන් වැසේ

Mohamed Dilsad

Leave a Comment