ප්‍රමුඛ පුවත 1

පොල්ගහවෙල වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට

(UTV| කොළඹ) – පොල්ගහවෙල කහවත්තේ ඇල ප්‍රදේශයේ ඉද්හන් පිරවුම් හලක් කොල්ල කෑමට පැමිණි දෙදෙනෙකු සිදු කල වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මිය ගොස් තිබේ.

ඊයේ රාත්‍රී 11.45 ට පමණ මෙම ඉන්ධ පිරවුම්හලට අංක තහඩු රහිත යතුරුපැදියකින් පැමිණි දෙදෙනක් මුදල් කොල්ලකෑමට සුදානම් වූ අවස්ථාවේ එහි සිටි සේවකයින් කලබලයට පත්ව ඇත.

එහිදී යතුරුපැදිකරුවන් ඉන්ධන් පිරවුම්හලේ සේවකයෙකුට වෙඩිතබා ඇති බව පොලිසිය පවසයි.

මෙහිදී තුවලා ලැබූ 27 හැවිරිදි සේවකයෙකු පොල්ගහවෙල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් තිබේ.

සැකකරුවන් යතුරුපැදියෙන් මුදල් කොල්ල කා පලා ගොස් ඇත.

ඔවුන් විසින් රැගෙන ගිය මුදල් ප්‍රමාණය මෙතෙක් තක්සේරු කර නොමැත.

පලාගිය සැකකරුවන් සොයා පොල්ගහවෙල  පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

මෙම වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඉන්ධන පිරවුම් හලේ හිමිකරු පැවසුවේ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගතයුතු බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රුපියලේ අවප්‍රමාණය ගැන, මුදල් ඇමතිගෙන් පැහැදිලි කිරීමක්

Mohamed Dilsad

අපේක්ෂකයන් කිහිපදෙනෙකුගේ අවසන් ජනරැළි හා මාධ්‍ය හමුවීම්

Mohamed Dilsad

විදුලිබල මණ්ඩලයේ පාඩුව රුපියල් කෝටි අට දහසක් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment