ප්‍රමුඛ පුවත 1

කාර්ගීල්ස් සමාගමේ නව කිරි නිෂ්පාදනාගාරය ජනපති අතින් විවෘත කෙරේ

(උදයම්, කොළඹ) – දේශීය කිරි නිෂ්පාදන කර්මාන්තයට දැවැන්ත ආයෝජනයක් එක් කරමින් කාර්ගීල්ස් සමාගම විසින් මීරිගම ප‍්‍රදේශයේ ස්ථාපිත කරන ලද කොත්මලේ නව කිරි නිෂ්පාදනාගාරය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් ඊයේ (03) පෙරවරුවේ විවෘත කෙරිණි.

සමරු ඵලකය නිරාවරණය කර නව කර්මාන්තශාලාව විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.

කාර්ගීල්ස් සමාගමේ ‘සරුදින’ ව්‍යාපෘතිය යටතේ ශිෂ්‍යත්ව ප‍්‍රදානය කිරීම සහ ලැප්ටොප් පරිගණක ප‍්‍රදානයක් ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.

එහි ශිෂ්‍යත්වලාභියෙකු වූ කිලිනොච්චිය භාරතී විද්‍යාලයේ පාස්කරන් ශ්‍යානුගා සිසුවිය මෙහිදී උත්සව සභාව අමතමින් කතා කළ අතර එම දැරිය තමා අසලට කැඳවා ගත් ජනාධිපතිතුමා තොරතුරු විමසීය.

තම පාසලේ අඩු පාඩු කිහිපයක් පිළිබඳව ද මෙහිදී දැරිය ජනාධිපතිතුමාව දැනුවත් කළ අතර ඒවා සම්පූර්ණ කර දීමට අවශ්‍ය පියවර ගන්නා බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

අමාත්‍යවරුන් වන අර්ජුන රණතුංග, පී. හැරිසන් යන මහත්වරුන් ද, කාර්ගීල්ස් ලංකා සමාගමේ සභාපති ලුවිස් පේජ්, නියෝජ්‍ය සභාපති රංජිත් පේජ් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Related posts

දේශීය සහල් කර්මාන්ත ශාලා රැසක් අර්බුධයක

Mohamed Dilsad

කඩුවෙල රථවාහන ගමනාගමනය තාවකාලිකව සීමා කරයි

Mohamed Dilsad

අද බොහෝ ප්‍රදේශ වලට වැසි

Mohamed Dilsad

Leave a Comment