ප්‍රමුඛ පුවත 1

ශ‍්‍රී ලංකා කාම්බෝජියානු ව්‍යාපාරික හමුවක් ජනපති ප‍්‍රධානත්වයෙන්

(UTV|කාම්බෝජය) – කාම්බෝජ රජයේ විශේෂ ආරාධනය පරිදි එරට රාජ්‍ය සංචාරයක නිරත වන ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සමඟ ශ‍්‍රී ලංකා සහ කාම්බෝජියානු ව්‍යාපාරිකයින්ගේ හමුවක් ඊයේ (07) Phnom Penh නගරයේ දී පැවැත්විණි.

මෙම අවස්ථාව සඳහා කාම්බෝජියානු අග‍්‍රාමාත්‍ය Samdech Akka Moha Sena Pakdei Techo HUN SEN මහතා ද එක්ව සිටියේය.

ශ‍්‍රී ලංකාව සහ කාම්බෝජය අතර වෙළෙඳ සබඳතා වඩාත් ශක්තිමත් කරගැනීමට එහිදී පුළුල් අවධානයක් යොමු වූ අතර දියුණු වෙමින් පවතින රටවල් ලෙස ආර්ථික සහ වෙළෙඳ කටයුතු වල දී එක්ව කටයුතු කිරීමටත්, ඇගළුම්, මැණික් කර්මාන්ත වැනි ක්ෂේත‍්‍ර රැසක් ඔස්සේ දෙරට අතර පවතින සබඳතා ඉහළ නංවා ගැනීම පිළිබඳවත් වැඩිදුරටත් සාකච්ඡා කෙරිණි.

මෙම සමුළුව අමතා කාම්බෝජ අග‍්‍රාමාත්‍යවරයා විශේෂ දේශනයක් සිදුකළ අතර ශ‍්‍රී ලංකාව වෙනුවෙන් රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා එම සමුළුව අමතනු ලැබීය.

කාම්බෝජයේ වාණිජ මණ්ඩල සභාපති Neak Okhna Kith Meng ඵැබට මහතා සහ ශ‍්‍රී ලංකා කොළඹ වානිජ මණ්ඩලයේ සභාපති සාරංග විජේරත්න මහතා ඇතුළු දෙරටේ ව්‍යාපාරිකයින් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රන්වීර් නෞකාවේ කොළඹට සේන්දු වෙයි

Mohamed Dilsad

මැලේසියානු අගමැතිවරයාගේ නියෝජිතයින් ඇමති ගයන්ත කරුණාතිලක

Mohamed Dilsad

උත්සව සමයේදී සහල් සඳහා උපරිම මිලක්

Mohamed Dilsad

Leave a Comment