ක්‍රීඩා

අළුබඳුන පළමු තරඟය ඔස්ට්‍රේලියාව ජයගත්තේ වැරදි විනිසුරු තීරණ 15ක් නිසා

(UTV|COLOMBO) – අයි.සී.සී. ටෙස්ට් ශූරතා තරගාවලියේ සමාරම්භය සටහන් කරමින් මේ දිනවල එංගලන්තය හා ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන අළුබඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ඕස්ට්‍රේලියාවට ලකුණු 251ක දැවැන්ත ජයක් හිමිවිය. එහිදී ස්ටීවන් ස්මිත්ගේ අගනා පිතිහරඹයත් නේදන් ලයන්ගේ අගනා පන්දු යැවීමත් ඕස්ට්‍රේලියාවට නොතිබූ ජයග්‍රහණයක් කරා ළඟා වෙන්නට ඉවහල් විය.

මෙම තරගයේ ජයග්‍රහණය අභිභවා ක්‍රිකට් ලෝලීන් අතර කතාබහට ලක්වෙන කරුණ බවට පත්ව ඇත්තේ විනිසුරුවන් විසින් ලබාදුන් වැරදි තීරණ සහ පන්දුව පලුදු කිරීමේ චෝදනාවට වරදකරුවන් වී ක්‍රිකට් තහනමකට ලක්ව යළිත් ක්‍රිකට් පිටියට ආගමනය වූ ස්ටීවන් ස්මිත්, ඩේවිඩ් වෝනර් සහ කැමරන් බැන්කේ‍රාෆ්ට් යන ක්‍රීඩකයන් තිදෙනාට එංගලන්ත ප්‍රේක්ෂකයන්ගෙන් හිමි වූ “අසීලාචාර” ප්‍රතිචාරයන්ය. කොදෙව් විනිසුරු ජොයෙල් විල්සන් (තීරණ 10ක්) සහ පාකිස්තාන විනිසුරු අලීම් ඩාර් (තීරණ 5ක්) මෙම තරගයේදී වැරදි තීරණයන් 15ක් ලබාදීම තරගයේ ප්‍රතිඵලයට දැඩි බලපෑමක් එල්ල කළ අතර මෑත ඉතිහාසයේ මතභේදාත්මකම විනිසුරු තීරණ සටහන් වූ තරගයද මෙය බවට ඉතිහාස වාර්තා සාක්‍ෂි දරා තිබේ.

කෙසේ වෙතත් එංගලන්ත ප්‍රේක්ෂකයන්ගේ ප්‍රතිචාරයන් හා මානසික ගැරහුම් මධ්‍යයේ ස්ටීවන් ස්මිත් පළමු ඉනිමේදී ලකුණු 144ක් සහ දෙවැනි ඉනිමේදී ලකුණු 142ක් රැස් කර ගනිමින් ඕස්ට්‍රේලියා කණ්ඩායමේ නැංගුරම බවට පත්වීම කැපී පෙනුණි. ඕස්ට්‍රේලියා පළමු ඉනිමට වඩා ලකුණු 90ක් ඉදිරියෙන් සිටිමින් පළමු ඉනිම නිමා කළ එංගලන්තයට මෙම අනපේක්ෂිත පරාජය හිමිවීමට ප්‍රධානතම හේතුව බවට පත්වූයේද ස්මිත්ගේ අගනා පිතිහරඹයයි. එංගලන්ත ක්‍රිකට් ලෝලීන් ස්මිත්ගේ අඬන මුහුණු මුද්‍රණය කළ ටී ෂර්ට් පැලඳ, කහ පැහැති වැලි කඩදාසි (ස්මිත්, වෝනර් සහ බැන්කේ‍රාෆ්ට් පන්දුව පලුදු කරන සිදුවීමේදී කහ පැහැති වැලි කඩදාසියක් භාවිත කර තිබීම හේතුවෙන්) පෙන්වා පන්දු රකින අවස්ථාවල නොයෙකුත් ශබ්ද නඟා ස්මිත්, වෝනර් හා බැන්කේ‍රාෆ්ට් යන ක්‍රීඩකයන් තිදෙනාට අපහාස කිරීමේ කටයුත්තේ නිරත විය. ක්‍රිකට් පිටියේ ‘මහත්වරුන්’ ලෙස ගෞරවාදරයට පාත්‍ර වූ එංගලන්ත ක්‍රිකට් ලෝලීන් එම ගෞරවය මෙම තරගයෙන් අහිමිකරගත් බව ක්ෂේත්‍රයේ බොහෝ දෙනාගේ මතය බවට පත්ව තිබේ.

ලකුණු සාරාංශය

ඕස්ට්‍රේලියා පළමු ඉනිම _ 284

(ස්ටීවන් ස්මිත් 144, ස්ටුවර්ට් බේ‍රා්ඩ් 86/5)

එංගලන්ත පළමු ඉනිම _ 374

(රොරී බර්න්ස් 133, ජෝ රූට් 57)

ඕස්ට්‍රේලියා

දෙවැනි ඉනිම _ 487/7

(ස්ටීවන් ස්මිත් 142, මැතිව් වේඩ් 110)

එංගලන්ත

දෙවැනි ඉනිම- 146

(ක්‍රිස් වෝක්ස් 37, ජෝ රූට් 28, නේදන් ලයන් 49/6)

Related posts

ක්‍රොඒශියාව එංගලන්තය පරදා අවසන් මහා තරගයට

Mohamed Dilsad

ඉන්දිය – බංග්ලාදේශ පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි

Mohamed Dilsad

ඇන්ජලෝ මැතිව්ස්ට කොවිඩ්

Mohamed Dilsad

Leave a Comment