ප්‍රමුඛ පුවත 1

විග්නේශ්වරන්ගේ තීරණයට අධිකරණය දුන් තීන්දුව

(UTV| කොළඹ) – උතුරු පළාත් සභාවේ ධීවර හා ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ පී. ඩෙනීෂ්වරන් එම තනතුරෙන් ඉවත් කිරීමට උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් ගත් තීරණය ව්‍යවස්ථාවට පටහැනි බවට අභියාචනාධිකරණය තීන්දු කරයි.

අද (05)මෙම තීන්දුව විනිසුරු මහින්ද සමයවර්ධන සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල විසින් ප්‍රකාශයට පත් කරන ලදී.

ඒ අනුව ඩෙනීෂ්වරන් වෙනුවට හිටපු මහඇමතිවරයා විසින් කළ පත් කිරීමද නීතිවිරෝධී බවට අභියාචනාධිකරණය තීන්දු කළ අතර එවැනි පත් කිරීමක් සිදු කිරීමට මහඇමතිවරයාට බලයක් නොමැති බව ප්‍රකාශයට පත් කරන ලදී.

තමන්ව අමාත්‍යධූරයෙන් නෙරපීම නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ඩෙනීෂ්වරන් හිටපු අමාත්‍යවරයා අභියාචනාධිකරණයේ රිට් පෙත්සමක් ගොනු කර තිබුණි.

දූෂණ චෝදනා එල්ල කරමින් තමන්ව අමාත්‍යධූරයෙන් ඉවත් කිරීමට පළාත් ප්‍රධාන අමාත්‍ය විග්නේෂ්වරන් 2017 වසරේ අගෝස්තු මාසයේ දී තීන්දු කළ බව හිටපු ඇමතිවරයා මෙම පෙත්සමෙන් පවසා තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පළාත් සභාවක අමාත්‍යවරයකු නෙරපීමේ බලය එම පළාතේ ආණ්ඩුකාරවරයාට පමණක් හිමි වන බවට පෙත්සම්කරු පවසා සිටියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සීනි වල පාලන මිල ඉවත් කිරීම පිළිබඳව අවධානය

Mohamed Dilsad

මන්නාරම, පැරණි සතොස ගොඩනැඟිල්ලෙන් සිරුරු 53 ක අස්ථි සොයා ගනී

Mohamed Dilsad

බැටික්ලෝ කැම්පස් සම්බන්ධයෙන් සකස් කළ වාර්තාව ජනපතිට

Mohamed Dilsad

Leave a Comment