ප්‍රමුඛ පුවත 1

මන්නාරම, පැරණි සතොස ගොඩනැඟිල්ලෙන් සිරුරු 53 ක අස්ථි සොයා ගනී

(UTV|මන්නාරම) – මන්නාරම, පැරණි සතොස ගොඩනැඟිල්ල පැවති ස්ථානයෙන් හමුවු සමූහ මිනිවළ තුළින්මේ වන විට මිනිස් සිරුරු 53 කට අදාළ අස්ථි කොටස් හමුවි ඇති බව පරීක්ෂණ මෙහෙයවන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරී එස්.රාජපක්ෂ මහතා  පවසයි.

ඊයේ(25) පස්වරුවේ වන විට මෙම අස්ථි ප්‍රමාණය සොයාගෙන තිබුණි.

සොයාගත් අස්ථි කොටස්වලින් මිනිස් සිරුරු 53 කට අදාළ අස්ථි කොටස් ක්‍රමානුකූලව මතුකර ගැනීමට හැකිවි ඇති අතර,ඉන් සිරුරු 34 කට අදාළ කොටස් කැනීම් මගින් ඉවත් කර ගැනීමට හැකිවි ඇති බව රාජපක්ෂ මහතා පැවසීය.

කැනීම් මගින් ඉවත් කළ එම සිරුරු කොටස් මුද්‍රා තබා මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයේ තැන්පත් කොට ඇති බවද ඔහු සඳහන් කළේය.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ප්‍රදේශ රැසකට වැසි

Mohamed Dilsad

හදිසි වාහන පරීක්‍ෂාවක්

Mohamed Dilsad

නව කොරෝනා රෝගීන් 7 දෙනෙකු හදුනා ගැනේ

Mohamed Dilsad

Leave a Comment