ප්‍රමුඛ පුවත 1

බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් වස්කඩුවේදී 06 කට ජීවිත අහිමි වෙයි

 

UTV | කොළඹ – කළුතර උතුර , වස්කඩුව  ප්‍රදේශයේදී ගාලූ පාරේ අද (04) අලුයම 5.15 ට පමණ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් හයදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

ලංගම බස් රථයක් සහ පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරයි.

තවත් 52 දෙනෙකු තුවාල ලබා නාගොඩ මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර තුවාල ලැබූවන් අතර , පිරිමි 43 ක් , කාන්තාවන් 08 ක් සහ කුඩා ළමයෙකු ද ඇතුළත් වෙයි.

ලංගම බස් රථය තවත් වාහනයක් පසුකර යාමට උත්සාහ කිරීමේදී ඉදිරියෙන් පැමිණි පෞද්ගලික බස් රථයේ ගැටී මෙම අනතුර සිදුව තිබේ.

මියගිය පිරිස අතර කාන්තාවන් තුන්දෙනෙකු සහ පිරිමි පුද්ගලයන් තුන්දෙනෙකු වන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේය.

 

 

 

 

 

Related posts

පළමු ශ්‍රේණියට ළමුන් ඇතුලත් කිරීමේ චක්‍රලේඛයේ ගැටළු – ගුරු සංගම්යෙන් චෝදනා

Mohamed Dilsad

19 වැනි සංශෝධනය ගැන රජය සමඟ සාකච්ජා කිරීමට සූදානම් [VIDEO]

Mohamed Dilsad

ගුවන්තොටුපලේ ගබඩාවක ගින්නක්

Mohamed Dilsad

Leave a Comment