විදෙස්

චීනයෙන් ආනයනය භාණ්ඩ සඳහා ඇමරිකාවෙන් 10 % ක තීරු බද්දක්

(UTV| ඇමරිකාව) – ඇමරිකානු – චීන වෙළඳ යුද්ධය තවදුරටත් උත්සන්න කරමින් චීනයෙන් ආනයනය කෙරෙන තවත් ඩොලර් බිලියන 300 ක භාණ්ඩ සඳහා 10 % ක නව තීරු බද්දක් පැනවීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම නව බද්ද සැප්තැම්බර් පළවනදා සිට ක්‍රියාත්මක වන බවත් ඇමරිකානු ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.

කෙසේ වෙතත් විශ්ළේෂකයන් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටින්නේ වෙළඳ යුද්ධය අවසන් කිරීම සඳහා පැවති සාකච්ඡා ප්‍රගතියක් පෙන්නුම් නොකළ අතර, නව පියවර දෙපාර්ශවයටම අහිතකර බලපෑම් ඇති කරනු ඇති බවයි.

ජනපති ට්‍රම්ප් වැඩිදුරටත් සඳහන් කළේ මෙම 10 % ක බද්ද, ඉදිරියේදී 25 % දක්වා ඉහළ නැංවීමට අපේක්ෂා කරන බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඇමෙරිකා – උතුරු කොරියා සාකච්ඡා වලට දකුණු කොරියාවත් එක් වෙයි

Mohamed Dilsad

ප්‍රහාරකයෝ මොස්කව් වෙතටම එති

Mohamed Dilsad

බ්‍රිතාන්‍යට පැමිණෙන විදේශිකයන් දින 14 ක නිරෝධායන කාලයකට

Mohamed Dilsad

Leave a Comment