ප්‍රමුඛ පුවත 1

තිස්ස අත්තනායකට රට යන්න අවසර

(උදයම්,කොළඹ) – එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතාට විදේස් ගත වීම සඳහා අධිකරණය අවසර ලබා දෙයි.
අද(03)  අදාළ නඩුව කැඳවු අවස්ථාවේදී කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා විසින් මෙම අවසරය ලබාදී තිබේ.
එහිදී සිය දියණිය බැලීමට මේ මස 10 සිට 28 දක්වා ඔස්ට්‍රේලියාවට යාමට අවසර දෙන ලෙස අත්තනායක මහතා විසින් ඉල්ලා ඇත.

ඒ අනුව කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි නියෝගකළේ අධිකරණය භාරයේ තිබෙන තිස්ස අත්තනායක මහතාගේ විදෙස් ගමන් බලපත්‍රය ද ඔහු වෙත ලබා දෙන ලෙසය.

පසුගිය ජනපතිවරණ සමයේදී පොදු අපෙක්ෂකයාව සිටි මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හා එවකට විපක්ෂ නායක මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ නායකයාද වූ රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සන් ව්‍යාජව යොදමින් කූඨ ලේඛණ සැකසුවේ යැයි තිස්ස අත්තනායක මහතාට එරෙහිව නඩු පවරා තිබුණි.

Related posts

රත්‍රන් සමඟ කාන්තාවක් අත්අඩංගුවට

Mohamed Dilsad

NTJ සැකකරුවන් 64ක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

ලංකාවට පැමිණෙන රටවල් 10 ක සංචාරකයින්ට නිදහස් වීසා…

Mohamed Dilsad

Leave a Comment