ප්‍රමුඛ පුවත 1

උත්සව සමය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩසටහන් අද සිට

(උදයම්,කොළඹ)   – එළඹෙන උත්සවය සමය වෙනුවෙන් අද සිට අතිරේක පොලිස් නිළධාරින් යොදවා ඇති බව පොලිසිය පවසයි.

විශේෂයෙන්  කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලට මෙම පොලිස් නිලධාරීන් යෙදවීමට කටයුතු යොදා තිබේ.

මීට අමතරව සෙසු පළාත්වල ප්‍රධාන නගර සඳහා ද අතිරේක පොලිස් නිළධාරින් යෙදවීමට නියමිතය.

මෙම කාලය තුළ ජංගම මුර සංචාරක කටයුතු සිදු කර රථ වාහන වැරදිකරුවන් අත්අඩංගුවට ගැනිමට විශේෂ වැඩසටහනක් ද ක්‍රියාත්මක කර තිබේ.

මීට අමතරව මහජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථාන වල ආරක්ෂාව වෙනුවෙන් සිවිල් ඇඳුමින් සැරසුණු නිළධාරින් යෙදවීමට ද තීරණය කර ඇත.

Related posts

අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් ලබන සතියේ

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්

Mohamed Dilsad

විපක්ෂ නායකත්වයට සජිත්ව පත්කිරීමට කටයුතු [VIDEO]

Mohamed Dilsad

Leave a Comment