ප්‍රමුඛ පුවත 1

උත්සව සමය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩසටහන් අද සිට

(උදයම්,කොළඹ)   – එළඹෙන උත්සවය සමය වෙනුවෙන් අද සිට අතිරේක පොලිස් නිළධාරින් යොදවා ඇති බව පොලිසිය පවසයි.

විශේෂයෙන්  කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලට මෙම පොලිස් නිලධාරීන් යෙදවීමට කටයුතු යොදා තිබේ.

මීට අමතරව සෙසු පළාත්වල ප්‍රධාන නගර සඳහා ද අතිරේක පොලිස් නිළධාරින් යෙදවීමට නියමිතය.

මෙම කාලය තුළ ජංගම මුර සංචාරක කටයුතු සිදු කර රථ වාහන වැරදිකරුවන් අත්අඩංගුවට ගැනිමට විශේෂ වැඩසටහනක් ද ක්‍රියාත්මක කර තිබේ.

මීට අමතරව මහජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථාන වල ආරක්ෂාව වෙනුවෙන් සිවිල් ඇඳුමින් සැරසුණු නිළධාරින් යෙදවීමට ද තීරණය කර ඇත.

Related posts

ළමුන් යොදවා කෙරෙන රත්‍රන් ජාවාරමට සම්බන්ධ ශ්‍රී ලංකික කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

බොරැල්ල පොලිසියේ රථවාහන ස්ථානාධිපතිට මරුකැඳවූ රියදුරුට ඇප…

Mohamed Dilsad

කොළඹ කුණු ප්‍රවාහනයට කොමසාරිස් ආරක්‍ෂාව ඉල්ලයි

Mohamed Dilsad

Leave a Comment