ප්‍රමුඛ පුවත 1

සති තුනක් ඇතුළත සයිටම් වෛද්‍ය උපාධිධාරීන් ලියාපදිංචි කිරීමට නියෝග

(UTV| කොළඹ) – සයිටම් ආයතනයේ වෛද්‍ය උපාධිධාරීන් සති තුනක් ඇතුළත ලියාපදිංචි කිරීමට පියවර ගන්නා මෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට නියම කිරීමට බුවනෙක අලුවිහාරේ. ප්‍රීති පද්මන් සූරසේන සහ එල්.ටී.බී. දෙහිදෙණිය යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අද (30) නියම කළහ.

සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය ලබාගත් එස්.එම්. හල්පෙ, ඩී.ටී. පඬුවාවල සහ කේ.පී. මාරපන යන අය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කළ විනිසුරු මඩුල්ල මෙම නියෝගය ලබා දුන්හ.

සයිටම් ආයතනයෙන් වෛද්‍ය උපාධිය ලබාගත් උපාධිධාරීන් ලියාපදිංචි කරන ලෙස අභියාචනාධිකරණය විසින් රිට් ආඥාවක් නිකුත් කළ අතර එම රිට් ආඥාව ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් ද තහවුරු කළ බව සයිටම් ආයතනයේ වෛද්‍ය උපාධිධාරීන් තිදෙනා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම්වල සඳහන් කර තිබුණි.

එසේ තිබියදී ශ්‍රී ලංකා වෛද්‍ය සභාව හිතාමතාම තමන්ම ලියාපදිංචි කිරීම ප්‍රතික්ෂේප කරමින් සිටින බවට චෝදනා කරමින් අදාළ උපාධිධාරීන් මෙම පෙත්සම මගින් අවධාරණය කර තිබුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සමාජ මාධ්‍ය යළි තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

ඉඩම් කෙටුම්පත් ගැන තීරණයක් ගන්න පක්‍ෂ නායක හමුව රැස්වේ

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළ යයි [UPDATE]

Mohamed Dilsad

Leave a Comment