ප්‍රමුඛ පුවත 1

කුවේට්හි සේවය කල තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට

(UTV| කොළඹ) – කුවේටයේ ගෘහ සේවය සඳහා ගොස් සිටියදී විවිධ හිරිහැරවලට ලක් වූ ශ්‍රී ලාංකික කාන්තාවන් 57 දෙනෙකු අද (29) දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
පෙර දැනුම් දීමකින් තොරව ඔවුන් අද දින උදෑසන 6.30 ට පමණ කුවේට් සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL 230 දරන ගුවන් යානයෙන්  කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි.

ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල පදිංචි මෙම කාන්තාවන් තම හාම්පුතුන්ගේ පහරදීම්, වැටුප් නොලැබීම් වැනි හේතු නිසා ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත ඔවුන් පැමිණ පැමිණිලි කර තිබේ.

පසුව කුවේට් පොලීසිය මගින් පරීක්ෂණ පවත්වා, තාවකාලික ගුවන් ගමන් බලපත්‍ර යටතේ මෙසේ ශ්‍රී ලංකාවට එවා ඇති බව වාර්තා වේ.

මෙම පිරිස අතරින් 07 දෙනෙකු රෝගී තත්ත්වයෙන් පසු වූ අතර, එයිනුත් තිදෙනකු දැඩි ලෙස රෝගී තත්වයෙන් පසුවන බවයි වාර්තා වුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හැඳුනුම්පත ගන්න අද සිට රුපියල් 100ක්

Mohamed Dilsad

ඇතින්නියන් සත් දෙනෙකු මියයාමේ සිද්ධිය සෙවීමට ත්‍රිපුද්ගල කමිටුවක්

Mohamed Dilsad

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම් වැඩ භාරගනී.

Mohamed Dilsad

Leave a Comment