ප්‍රමුඛ පුවත 1

සුමන්තිරන්ට දුන් ලේඛනය ගැන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලතීෆ් කියන කතාව

(UTV| කොළඹ) – පසුගියදා කැඳවූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී තමන් කිසිඳු රහස්‍ය ලේඛණයක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර එම්. ඒ. සුමන්තිරන්ට ලබා නොදුන් බව පොලිස් විශේෂ කාර්යය බලකායේ අණදෙණ නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ් මහතා පවසයි.

ඔහු විසින් මන්තී‍්‍රවරයාට රහස්‍ය ලේඛණයක් ලබා දුන් බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන තොරතුරු සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ බව සඳහන් කර තිබේ.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ් මහතා පවසන්නේ IS සංවිධානය සම්බන්ධයෙන් ආචාර්ය රොහාන් ගුණරත්න සැකසූ ලිපියක් එදින මන්තී‍්‍රවරයාට භාර දුන් බවයි.

පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය එල්ල කළ පුද්ගලයින්ගේ නම් අබු උබෙයිදා අස් සෙයිලානි යනුවෙන් හැඳින්වීම සම්බන්ධයෙන් සුමන්තිරන් මන්තී‍්‍රවරයා තමාගෙන් විමසා සිටි බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ් මහතා පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වගකීමෙන් සමාජ වෙබ් අඩවිවලට තොරතුරු සපයන්න – ඇමති හර්ෂ පාර්ලිමේන්තුවේදී කියයි

Mohamed Dilsad

නව වාහන බදු ක්‍රියාත්මක වන්නේ මාර්තු 06න් පසු ගෙන්වීම සඳහායි

Mohamed Dilsad

හම්බන්තොට වරායේ ගිවිසුම නැවත සලකා බැලීමට කටයුතු [VIDEO]

Mohamed Dilsad

Leave a Comment