ප්‍රමුඛ පුවත 1

යාපනය විශ්වවිද්‍යාලයේ වව්නියාව මණ්ඩප‍යේ ගින්නක්

(UTV| කොළඹ) – වව්නියාව,පූවරසන්කුලම පිහිටි යාපනය විශ්වවිද්‍යාලයේ වව්නියාව මණ්ඩප‍යේ කළමණාකරන පීඨය පිහිටි ස්ථාපිත භූමියේ ඊයේ(28) සවස ගින්නක් හට ගෙන තිබේ.

වව්නියාව ප්‍රදේශයට පවතින දැඩි නියඟය හමුවේ අදාළ ප්‍රදේශයේ ගින්න හටගෙන ඇත.

විශ්වවිද්‍යාල භූමියේ අක්කරයකට ආසන්න ප්‍රමාණයක් ගිනිගෙන තිබේ.

පසුව වව්නියාව නගර සභා ගිනි නිවීමේ ඒකකය,පූවරසන්කුලම පොලිස් නිලධාරීන් හා විශ්වවිද්‍යාල ප්‍රජාවගේද දායකත්වය යටතේ ගින්න නිවා දමා ඇත.

ගින්නෙන් විශ්වවිද්‍යාල භූමියේ ගොඩනැඟිලි වෙත හානියක් සිදුනොවී ඇති අතර වෙනත් ප්‍රදේශයක තැබු ගින්නක් විශ්වවිද්‍යාල භූමිය වෙත පැතිරෙන්නට ඇති බව විශ්වවිද්‍යාල සේවකයින් පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ප්‍රහාරවලින් විපතට පත්වූවන්ගේ පුනරුත්ථාපනයට සහ දෙව් මැදුරු ප්‍රතිසංස්කරණයට විශේෂ අරමුදලක්

Mohamed Dilsad

පූජිත් සහ හේමසිරි යළිත් රිමාන්ඩ් [VIDEO]

Mohamed Dilsad

හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් තේරිම් කාරක සභාවට කැඳවා නෑ

Mohamed Dilsad

Leave a Comment