ප්‍රමුඛ පුවත 1

ප්‍රහාරවලින් විපතට පත්වූවන්ගේ පුනරුත්ථාපනයට සහ දෙව් මැදුරු ප්‍රතිසංස්කරණයට විශේෂ අරමුදලක්

(UTV| කොළඹ) – පාස්කු ඉරිදා ව්‍යවසනයට ගොඳුරු වූ අය වෙනුවෙන් සහ දෙව් මැදුරු ප්‍රතිසංස්කරණය කර යථාතත්ත්වයට පත් කිරීම සඳහා යම්කිසි ආධාරයක් ලබාදෙන්නට විශේෂ ගිණුමක් ආරම්භ කරන්නට තීරණය කර තිබෙන බව කොළඹ අගරඳගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමියෝ පවසති.

එම ගිණුම බොරැල්ල කොමර්ෂල් බැංකු ශාඛාවේ ආරම්භ කර තිබේ.”කොළඹ අගරඳගුරුතුමා ”කියන නමටයි ගිණුම තිබෙන්නේ. අරමුදල නම් කරන්නේ ”2019 පාස්කු ඉරු දින ව්‍යවසනයෙන් විපතට පත්වූවන්ගේ පුනරුත්ථාපනය සහ දෙව් මැදුරු ප්‍රතිසංස්කරණය සඳහා වූ විශේෂ අරමුදල” කියලයි.

බොරැල්ල කොමර්ෂල් බැංකු ශාඛාවේ ගිණුම් අංක 1190038741 යන ගිණුමට ඔබගේ පරිත්‍යාග බැර කළ හැකි බවද අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමියෝ ඉල්ලා සිටිති.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

එක්සත් ජාතික පෙරමුණේ සලකුණ, අධිකරණ තීන්දුවෙන් පසු එළිදැක්වීමට සුදානම්

Mohamed Dilsad

අනුරුද්ධ පොල්ගම්පොළ ඇප මත නිදහස්

Mohamed Dilsad

පාස්කු ප්‍රහාරයේ සාක්ෂි විමසීම හෙට සිට

Mohamed Dilsad

Leave a Comment