ප්‍රමුඛ පුවත 1

වෛද්‍ය සාෆි නිදහස් කරයිද?

(UTV|කුරුණෑගල) – කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය මොහොමඩ් ෂාෆිට එරෙහි නඩුව මේ වන විට කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේදී යළි විභාගයට ගැනේ.

නඩුව පැවැත්වෙන අතරතුර කුරුණෑගල අධිකරණය ඉදිරිපිට ජනතාව විරෝධතාවයක නිරත වන බව වාර්තාවේ.

එම නඩුව  පසුගිය  11 වනදා කැඳවූ අවස්ථාවේදී සැකකාර වෛද්‍යවරයා අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළේය.

අයථා ලෙස මුදල් ඉපැයීම, ත්‍රස්තවාදයට ආධාර අනුබලදීම සහ වඳ සැත්කම් සිදුකිරීම වෛද්‍ය මොහොමඩ් ෂාෆිට එරෙහි එල්ල වී ඇති චෝදනාවේ.

පසුගිය  11 වනදා මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී චෝදනා වල බරපතලකම සහ මහජන කැලඹිමක් ඇතිවිය හැකි බැවින් සැකකාර වෛද්‍යවරයා අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

පසුගියදා අධිකරණය හමුවේ කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා කියා සිටියේ ත්‍රස්තවාදී සංවිධානයකින් මුදල් ලබාගෙන එම ත්‍රස්ත කටයුතු ප්‍රවර්ධනය කිරීමට කටයුතු කළේ යැයි ෂාෆි වෛද්‍යවරයාට එරෙහිව ඇති චෝදනාව සනාථ කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවත් ඔහුට එරෙහිව ඉදිරිපත් වී තිබූ අයථා වත්කම් චෝදනාව පිළිබඳව තවදුරටත් විමර්ශනය කරන බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ධූරයේ වැඩ භාරගනී [VIDEO]

Mohamed Dilsad

තාජුඩීන් ඝාතනයේ තවත් තොරතුරු රැසක්

Mohamed Dilsad

අල්ලස් ගත් පොලිස් නිලධාරියෙකුට අට වසරක සිර දඬුවම්

Mohamed Dilsad

Leave a Comment