ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්.

(UTV| කොළඹ) – පිළිගත් විදේශීය විශ්ව විද්‍යාලයන්ගෙන් වෛද්‍ය උපාධිය ලබාගත් උපාධිධාරීන් ලංකා වෛද්‍ය සභා පනතේ 16 වැනි වගන්තිය යටතේ පැවැත්වෙන කඩඉම් විභාගයෙන් සමත්වන්නේ නම් ඔවුන් දින 30 ඇතළත ලියාපදිංචි කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (23) ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට නියෝග කර ඇත.

පිළිගත් විදේශීය විශ්වවිද්‍යාලවලින් වෛද්‍ය උපාධිය ලබා ගත් එම්.එන් සහාබ්දීන්. ඇතුළු 16 දෙනෙකු ඉදිරිපත් කළ මුලික අයිතිවාසිකම් පෙත්සමක් තීන්දුව ලබා දෙමීන් , ප්‍රසන්න ජයවර්ධන, එල් .ටී. බී. දෙහිදෙණිය සහ මුර්දු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් මෙම නියෝගය ලබා දුන්හ.

තමන් පිළිගත් විදේශීය විශ්වවිද්‍යාලවලින් වෛද්‍ය උපාධිය ලබාගෙන තිබුනද තමන්ව වෛද්‍ය වෘත්තිය සඳහා ලියාපදිංචි කිරීම ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මඟින් ප්‍රතික්ෂේප කර ඇති බව අදාළ පෙත්සම් මගින් අවධාරණය කර තිබුණි.

ඒ අනුව මේ තුළින් සිය මූලික අයිතීන් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් තමන්ව වෛද්‍ය වෘත්තිය සඳහා ලියාපදිංචි කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සභාව වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් වෛද්‍ය උපාධිධාරීන් පිරිස විසින් මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වයඹට සහ ගම්පහට පැනවූ ඇඳිරි නීතිය ඉවතට

Mohamed Dilsad

වියළි කාළගුණය හෙට සිට වෙනස් වෙයි .

Mohamed Dilsad

අදත් සරසවි සිසුන්ට ජල සහ කඳුළු ගෑස්

Mohamed Dilsad

Leave a Comment