ප්‍රමුඛ පුවත 1

රත්ගම ව්‍යාපාරිකයින් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ සැකකරුවන් 17 යළි රිමාන්ඩ්.

(UTV| කොළඹ) – රත්ගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ සැකකරුවන් 17 දෙනා ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල හමුවට අද (22) ඉදිරිපත් කල අවස්ථාවේදී අගෝස්තු මස 5 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර තිබේ.

සිද්ධියට අදාළව තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කළේය.

පසුගිය ජනවාරි 23 වනදා මෙම ව්‍යාපාරිකයින් දෙදෙනා පැහැර ගෙන ගොස් ඝාතනය කර පුළුස්සා දැමීම සම්බන්ධයෙන් අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජල ගාස්තු සංශෝධනයට සුදානමක්

Mohamed Dilsad

උසස් පෙළ පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර අද සිට අන්තර්ජාලයෙන්

Mohamed Dilsad

මන්ත්‍රී විමල් අධීකරණයේදී නීතිඥ සහය ප්‍රතික්ෂේප කරයි

Mohamed Dilsad

Leave a Comment