ප්‍රමුඛ පුවත 1

සෞදියේ අනවසරයෙන් රැදී සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ලියාපදිංචිය ඇරඹේ

(උදයම්,සෞදි අරාබිය)  – සෞදි අරාබියේ අනවසරයෙන් රැදී සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ලියාපදිංචි කිරීම අද සිට ආරම්භ කර ඇති බව වාර්තාවේ.

සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කළේ සෞදි අරාබි රජය විසින් ලබාදී ඇති පොදු සමා කාලය තුල මෙම ක්‍රියාවලිය ආරම්භ කරන බවය.

මෙම සහන කාලය තුළ අනවසරයෙන් එරට රැදී සිටින විදේශිකයින්ට නිත්‍යානුකුලව රටින් පිටවීමට අවස්ථාවද  ලබා දී ඇති බව තානාපති කාර්යාලය සඳහන් කළේය.

මේ අනුව මෙම සහන කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්නා ලෙස සෞදිය තුල නීති විරෝධී ලෙස රැදී සිටින ශ්‍රී ලාංකික ප්‍රජාවගෙන් සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉල්ලීමක් කරයි.

මේ සඳහා තම සන්තකයේ ඇති වලංගු ගමන් බලපත්‍රය එහි අංකය හෝ ජාතික හැදුනුම් පත් අංකය ඉදිරිපත් කරන්නේ නම් එය පහසුවක් වන බව ද තානාපති  කාර්යාලය සඳහන් කරයි.

Related posts

පාතාලය සහ මත්ද්‍රව්‍ය මර්ධනයට කඩිනම් වැඩපිළිවෙළක් අවශ්‍යයි – ජනපති

Mohamed Dilsad

මෙරට බහාලුම් හැසිරවීම පුළුල් කිරීමට Maersk Holdings මැදිහත් වෙයි.

Mohamed Dilsad

කබීර් හෂීම් ඇමති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

Leave a Comment