ක්‍රීඩා

බංගලාදේශ තරඟාවලියට ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනසක්

(UTV| කොළඹ) – බංග්ලාදේශය සමඟ පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා නම් කල සංචිතයට ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේදී ශී‍්‍ර ලංකා කණ්ඩායම නියෝජනය කළ කී‍්‍රඩකයින් සිව් දෙනෙකු ඉවත් කර ඇති බව වාර්තාවේ.

ඒ අනුව මිලින්ද සිරිවර්ධන, සුරංග ලක්මාල්, ජෙෆ්රි වැන්ඩර්සේ සහ ජීවන් මෙන්ඩිස්ට එක්දින සංචිතයේ සිය ස්ථාන අහිමි වී ඇති බවයි නෙත් ස්පෝර්ට්ස්මන් වෙත වාර්තා වුණේ. බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින තරගාවලිය ඉලක්ක කර ගනිමින් කී‍්‍රඩකයින් 24 දෙනෙකුගෙන් යුත් සංචිතයක් නම් කර ඇති බවයි වාර්තා වන්නේ. ඊට නිරෝෂන් දික්වැල්ල, අමිල අපොන්සු, ධනුෂ්ක ගුණතිලක, ෂෙහාන් ජයසූරිය, දසුන් ශානක, ලහිරු මදුශංඛ සහ අකිල ධනංජය කැදවා ඇති බවද වාර්තා වනවා.

එම තරග සංචාරයේදී ශී‍්‍ර ලංකාව සහ බංග්ලාදේශය අතර එක්දින තරග 3 ක් පැවැත්වීමට නියමිතයි. සියළු තරග දිවා රාතී‍්‍ර තරග ලෙස කොළඹ ආර් පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේ පැවැත්වෙනවා. පළමු තරගය ලබන 26 වනදා පැවැත්වීමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශීී‍්‍ර ලංකා රග්බි කණ්ඩායම පළඟ ශූරතාව දිනා ගනී

Mohamed Dilsad

ශී‍්‍ර ලංකා – බංග්ලාදේශ ටෙස්ට් කි‍්‍රකට් තරගාවලිය ජෛව ආරක්‍ෂිත බුබුළක් යටතේ

Mohamed Dilsad

ශ්‍රී ලංකා කණ්ඩායමට දුන් ප්‍රභූ ආරක්ෂාව ගැන අසන්ත ද මෙල්ගෙන් ප්‍රකාශයක් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment