ප්‍රමුඛ පුවත 1

පූජිත් ජයසුන්දරගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ ගනියි

(UTV| කොළඹ) – පාස්කු ප්‍රහාරයට අදාළව අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (18) ප්‍රකාශ සටහන් කර ගෙන තිබේ.

අධිකරණ නියෝගයට අනුව පූජිත් ජයසුන්දර මහතා ප්‍රකාශ ලබාදීම සඳහා මෙලෙස එම දෙපාර්තමේන්තුවට පැමිණ ඇත.

නාරාහේන්පිට පිහිටි පොලිස් රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබමින් සිටි පොලිස්පතිවරයා පෙරේදා (17) පස්වරුවේ ප්‍රතිකාර ලබා ඉන් පිටත්ව ගොස් ඇති බවද කියැවේ.

කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය මීන්පෙර නියෝග කර තිබුණේ පාස්කු ප්‍රහාරයට අදාළව අත්අඩංගුවට ගෙන ඇප නියමවූ පොලිස්පතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ප්‍රකාශ ලබා දෙන ලෙසටය.

ඒ අනුව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාගෙන්ද එම දෙපාර්තුමේන්තුව ප්‍රකාශ ලබාගෙන තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අධිවේගයේ බරවකුඹුක – හම්බන්තොට කොටස විවෘත වේ [VIDEO]

Mohamed Dilsad

A9 රිය අනතුරක්.6ක් රෝහලේ

Mohamed Dilsad

බස්නාහිර පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස ඒ.ජේ.එම් මුසම්මිල් දිව්රුම් දෙයි.

Mohamed Dilsad

Leave a Comment