විදෙස්

ඩෙබී සුළි සුළඟින් පසු ක්වීන්ස්ලන්තයට ගංවතුර අවධානමක්

(උදයම්,ඕස්ට්‍රේලියාව)  – ඩෙබී සුළි සුළඟ හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ ඊසාන දිග වෙරළ කළාපයට ගංවතුර තත්වයක් ඇති විය හැකි බවට අනතුරු ඇඟවේ.

එරට ආපදා බලධාරීන් පවසන්නේ මිලිමීටර් 250 ඉක්මවා වර්ෂාපතනයක් මේවන විටත් බොහෝ ප්‍රදේශ වලින් වාර්තා වන බවය.

පසුගිය සඳුදා ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයට ඇතුල්වූ ඩෙබී සුළි සුළඟ හේතුවෙන් ප්‍රදේශයේ ගෙඩනැගිලි රැසකට හානි සිදුකර ඇති බව වාර්තා වේ.

විදුලිය විසන්ධි වීමෙන් නිවාස 45,000ක් පමණ තවමත් අඳුරේ පවතින බව විදෙස් වාර්තා සඳහන් කළේය.

ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් මෙම තත්ත්වය මත හදිසි ආපදා යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කර ඇති බව සඳහන්ය.

වෙරළාසන්න ප්‍රදේශවලින් 25,000ක් පමණ ජනයා ඉවත් කරගෙන තිබේ.

Related posts

අමෙරිකාව රුසියාව ගැන දැඩි තීරණයක් ගනී

Mohamed Dilsad

ඊශ්‍රායල් සොල්දාදුවන් පිරිසක් ඉලක්ක කර ත්‍රස්ත ප්‍රහාරයක්

Mohamed Dilsad

බංග්ලාදේශ විපක්ෂ නායිකාවට වසර 5ක සිරදඩුවමක්

Mohamed Dilsad

Leave a Comment