Trending News

දෙවන එක්දින තරගය ජය පරාජයෙන් තොරව අවසන්

(උදයම්,දඹුල්ල)  –  සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර දෙවන එක්දින තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දමෙමට සිදු විය.

දඹුල්ලට පවතින දැඩි වර්ෂාපතනය හේතුවෙන් බංග්ලාදේශ පිළිතුරු ඉනිම ආරම්භ කිරීමට ද හැකියාවක් නොලැබුණි.

ක්‍රිකට් පුවත් සේවාවල දැක්වෙන්නේ 2013 වසරේ මාර්තු මස 28 වනදා ද බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර පල්ලෙකැලේ පැවති තරගයකට ද මෙලෙස වර්ෂාවෙන් බාධා එල්ල විය.

එම තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යාය අනුව බංග්ලාදේශයට කඩුළු 3ක ජයක් හිමිව තිබුණි

අද තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 49 යි පන්දු 5 ක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගැනීමට හැකිවුයේ ලකුණු 311 ක් පමණි.

තම 200 වන එක්දින තරගයට ක්‍රීඩා කළ උපුල් තරංග ලකුණු 65 ක් ලබාගත්තේ 31 වන අර්ධ ශතකය ද වාර්තා කරමිණි.

කුසල් මෙන්ඩිස් සිය පළමු එක්දින ශතකය ලබාගත් අතර දැවී යන විට ඔහු ලකුණු 102 ක් ලබා සිටියේය.

අසේල ගුණරත්න පන්දු 28 කින් වේගවත් ලකුණු 39 ක් ලබාගත්තේ හතරේ පහර 4 ක් සහ එක් හයේ පහරක් ද සමගිනි.

මිලින්ද සිරිවර්ධන 30 යි. පන්දු යැවීමේදී තක්ෂින් අහමඩ් කඩුලු 4 ක් බිඳහෙලුවේය.

ඔහු කඩුලු ත්‍රිත්වයක් ද ලබාගත්තේ 49 පන්දු වාරයේදී අසේල ගුණරත්න,නුවන් ප්‍රදීප් සහ සුරංග ලක්මාල් පිටියෙන් ඉවත් කරමිනි.

Related posts

Red Sox apologise for racist abuse of Orioles’ Jones

Mohamed Dilsad

Showers expected in several provinces

Mohamed Dilsad

கொரியாவில் பணிபுரியும் இலங்கையர்களின் சம்பளத்தை அதிகரிக்க அவதானம்

Mohamed Dilsad

Leave a Comment