ප්‍රමුඛ පුවත 1

නව දැක්මකින් යුතු ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන ගැන ඇමති රවී හෙළි කරයි

(උදයම් , කොළඹ)  –  අලුත් ශ්‍රී ලංකාවක් බිහි කිරීම සඳහා ලාංකීකයන් වශයෙන් නව දැක්මකින් යුතුව ඉදිරියට කටයුතු කළ යුතු බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

බ්‍රිතාන්‍යයේ “ද බෑන්කර් “ සඟරාව මඟින් ආසියා පැසිපික් කලාපයේ 2017 වසරේ  හොඳම මුදල් අමාත්‍යවරයා ලෙස අමාත්‍ය රවී කරුණානායක මහතා පසුගිය දා සම්මානයට පාත්‍ර වූ අතර එම අවස්ථාවට සුබ පැතීම සඳහා අද (27) දින මුදල් අමාත්‍යාංශයේ දී සංවිධානය කර තිබු උත්සවයකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ය.

මෙහිදි වැඩි දුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ මෙම ජයග්‍රහණය තමාගේ පමණක් නොව මුළු මහත් රටවාසීන්ගේම ජයග්‍රහණයක් වන බවය.

ඒ සඳහා ජනාධිපතිවරයා අගමැතිවරයා ඇතුළු බෙහෝ දෙනෙක් දායකත්වය දැක් වු බවත්අමාත්‍යවරයා සඳහන් කළේය.

තමාගේ වැඩපිළිවෙල  රටේ ඇතැම් පිරිස් ප්‍රතික්ෂේප කලද ලෝකය රටේ ආර්ථික ක්‍රියාවලිය වෙනස් අයුරකින් බලන බවත් මෙය අවස්ථාවක් කර ගනිමින් රට වෙනස් කිරීමට කාලය එළඹ ඇති බවත් අමාත්‍යවරයා කියා සිටියේ ය.

Related posts

චෝදනා ලැබූ සම්පායෝ ඇප මත නිදහස්

Mohamed Dilsad

ආරවුලක් දුර දිග ගොස් අයෙක් මරුට

Mohamed Dilsad

රේගුවට වැඩබලන අධ්‍යක්‍ෂ ජනරාල්වරයෙක්

Mohamed Dilsad

Leave a Comment