ප්‍රමුඛ පුවත 1

සාමාන්‍ය පෙළ සිසුන්ගේ හැඳුනුම්පත් සැප්තැම්බර් මාසය අවසන් වීමට පෙර

(UTV| කොළඹ) – 2019 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුන්ගේ ජාතික හැඳුනුම්පත් ලබන සැප්තැම්බර් මාසය අවසන් වීමට පෙර නිකුත් කර අවසන් කරන බව, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තු කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා සඳහන් කළේය.

සාමාන්‍යයෙන් සෑම වර්ෂයකම අ.පො.ස. සාමාන්‍ය පෙළ සිසුන් තුන් ලක්ෂ පනස් දහසකට පමණ ජාතික හැඳුනුම්පත් නිකුත් කර ඇති බවත්, ඒ අනුව මේ වනවිටත් ඊට සාපේක්ෂව 90%ක් පමණ අයදුම්පත් ලැබී බව එ මහතා පෙන්වා දුන්නේය.

එමෙන්ම පසුගිය සිකුරාදා (05) දිනයේ බිඳ වැටුණූ අද (08) සිට එක්දින සේවයද ඇතුළු හැඳුනුම්පත් නිකුත් කිරීමේ සියලු සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාවට නංවන බවද ගුණතිලක මහතා සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නෙවිල් ප්‍රනාන්දු රෝහලට විකලාංග ශල්‍ය උපකරණ තොගයක්

Mohamed Dilsad

නිදහස් පක්ෂයේ සියලු සංවිධායකවරුන් රැස්වේ

Mohamed Dilsad

2019 අයවැයෙන් ඉදිරිපත් කළ බදු සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment