ප්‍රමුඛ පුවත 1

වන්දනා චාරිකා සංවිධානය කරන නියෝජිත ආයතන සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක්

(උදයම්,කොළඹ) – වන්දනා ගමන් සංවිධානය කරන නියෝජිත ආයතන සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකරන බව බුද්ධ ශාසන අමාත්‍යාංශය පවසයි.විශේෂයෙන් මෙහිදී අමාත්‍යාංශ උපදෙස් සහ නියෝග නොතකමින් වන්දනා ගමන් සංවිධානය කරන ආයතන පිලිබඳ සොයා බලනු ඇත.

දඹදිව වන්දනාවේ ගිය තිදෙනෙකු මියයාමේ සිද්ධියත් සමඟ එම වන්දනා ගමන සංවිධාන කළ නියෝජිත ආයතනය බුද්ධ ශාසන අමාත්‍යාංශය ලබාදුන් නියෝග සහ චක්‍රලේඛ කඩකර ඇති බවට අනාවරණය විය.

එම සිද්ධියෙන් අනතුරුව ඉදිරියේදී සියලූම වන්දනා ගමන් සංවිධාන කරන නියෝජිත ආයතන පිළිබදව දැඩි සැලකිල්ලක් දක්වන බව බුද්ධ ශාසන අමාත්‍යාංශය සඳහන් කරයි.

ඉන්දියාවේ කාලගුණ තත්ත්වයේ වෙනස්වීම් හේතුවෙන් මාර්තු මාසයේ දඹදිව වන්දනා කිරීම සඳහා සුදුසු නොවන බවට මීට පෙර සිටම සියලූම වන්දනා නඩ සංවිධායක ආයතන වෙත දැනුම් දී තිබුණි.නමුත් කෑගල්ල ප්‍රදේශයේ වන්දනා සංවිධායක ආයතනයක් මගින් මෙම පිරිස ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇත්තේ පසුගිය 13 වනදාය.

මෙහිදී හදිසියේ මියගිය ශ්‍රී ලාංකික වන්දනාකරුවන් තුන්දෙනෙකුගේ මළ සිරුරු මේ වන විට දිවයිනට රැගෙනවිත් තිබෙනවා.

කෙසේ වෙතත් මෙම මරණවලට හේතුව හෘදයාබාධ බවට පශ්චාත් මරණ පරීක්ෂණවලදී හෙළිව ඇත.

Related posts

මෙරට විද්‍යුත් වාණිජ රාමුව ශක්තිමත් කිරීමේ වැඩසටහනේ දෙවැනි අදියර ඇරඹේ

Mohamed Dilsad

දිවයිනේ ප්‍රදේශ රැසකට අදත් වැසි

Mohamed Dilsad

පළාත් සභා සහ පළාත්පාලන රාජ්‍ය ඇමතිනිය දිවුරුම් දෙයි

Mohamed Dilsad

Leave a Comment