ප්‍රමුඛ පුවත 1

දුම්රිය වර්ජනය පැවති දෙදිනක කාලය තුළ ලංගමයට මිලියන 79 ක ආදායමක්

(UTV| කොළඹ) – ඉල්ලීම් කීපයක් මුල්කරගෙන දුම්රිය සේවක වැඩවර්ජනය පැවති කාල සීමාවේදී රුපියල් මිලියන 79 ක අදායමක් ඉපයීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට හැකියාව ලැබී තිබේ.

වර්ජනයෙන් පීඩාවට පත් ජනතාව සඳහා ඊයේ සහ පෙරේදා දිනයේ අතිරේක බස් ගමන්වාර රැසක් ක්‍රියාත්මක කළ බවත් , එම කාලය තුළ ලංගම සේවකයින්ගේ නිවාඩු අවලංගු කර උපරිම සේවාවක් සැලසු බවත් එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ටී.එච්.ආර්.ටී චන්ද්‍රසිරි මහතා සඳහන් කළේය.

අද රාත්‍රි තැපැල් දුම්රිය සියල්ලද සාමාන්‍ය පරිදි ධාවනය වීමට නියමිත අතර, හෙට පෙරවරුවේ කාර්යාල බලා පැමිණෙන මගීන්ට උපරිම සේවයක් ලබාදීමට හැකිවනු ඇති බව ප්‍රධාන පාලක මැදිරිය වැඩිදුරටත් සඳහන් කළේය.

ඉල්ලීම් සඳහා නිශ්චිත පිළිතුරු ලබාදෙන තුරු සෑම බ්‍රහස්පතින්දා දිනකම මධ්‍යම රාත්‍රී 12 සිට පැය 24 ක වර්ජනයක නිරතවීමට දුම්රිය වෘත්තිය සමිති ඊයේ (22) තීරණය කළහ.

Related posts

ඉදිරි පැය 24 තුළ පළාත් රැසකට තද වැසි

Mohamed Dilsad

අරලිය ගහ මන්දිරයේ අද සීල සමාදාන ව්‍යාපාරයක්

Mohamed Dilsad

ජනපති තලවාකැලේ තේ පර්යේෂණ ආයතනයේ සංචාරයක

Mohamed Dilsad

Leave a Comment