ප්‍රමුඛ පුවත 1

ජෙෆ්රි ඇලෝසියස්ට විදෙස් ගතවීමට ලබාදී තිබූ අවසරය අත්හිටුවයි

(UTV| කොළඹ) – පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස්ට විදෙස් ගතවීමට ලබාදී තිබූ අවසරය අධිකරණය මගින් අත්හිටුවීමට පියවර ගෙන ඇත.

ඒ කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවේ ඊට අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදීයි.

මීට පෙර ජෙෆ්රි ඇලෝසියස්ට ලබන මස පළවැනිදා සිට 11 වැනිදා දක්වා කාලය තුළ සිංගප්පූරුව බලා යාමට ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අවසර ලබාදී තිබුණේ ඔහුගේ දියණියගේ විවාහ මංගල්‍ය උත්සවය වෙනුවෙන්.

නමුත් නීතිපති දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම් දුන්නේ සැකකරු ඇතුළු තවත් පුද්ගලයින් 10 දෙනෙකුට එරෙහිව ඉදිරි සති දෙක තුළ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනුකරන බැවින් ඒ සඳහා ඔහු පෙනී සිටිය යුතු බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දුම්රිය ගැටළු ගැන අද විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

චක්‍රලේඛය නිකුත් කළහොත් වර්ජනය ඇත හරින බවට ප්‍රකාශයක්

Mohamed Dilsad

ඇමෝනියා කිලෝ 150ක් ප්‍රවාහනය කළ පුද්ගලයන් සිව් දෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment