ප්‍රමුඛ පුවත 1

ඉන්දීය නියෝජිතයන් පිරිසක් දිවයින පූරා සංචාරයක

(UTV|මහනුවර)  – ඉන්දීය ත්‍රිවිධ හමුදා සාමාජිකයින් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් 159 දෙනෙකුගෙන් යුත් පිරිසක් පසුගියදා පින්නවල අලි අනාථාගාරයේ සහ මහනුවර ඵෙතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ සංචාරයක නිරත වී තිබේ.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ සංකල්පයකට අනුව ද්වීපාර්ශවික හමුදා සුහද සංචාරයක් සඳහා පසුගිය සෙනසුරාදා (15) දින දිවයිනට පැමිණි ඉන්දීය ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සහ ඔවුන්ගේ භාර්යාවන් සිය සංචාරය නිමා කිරීමෙන් අනතුරුව දිවයිනෙන් පිටත්ව ගොස් ඇත.

මෙම නියෝජිත පිරිස මහනුවර ප්‍රදේශය ආශ්‍රිතව සිදුකළ සංචාරය සඳහා 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් තිස්ස නානායක්කාර ද එක්ව සිටියහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බොහෝ ප්‍රදේශ වලට අදත් තද සුළං

Mohamed Dilsad

බස් රථවල ප්‍රවේශ පත්‍රය අනිවාර්ය කිරීම

Mohamed Dilsad

දෙපානම මංසන්ධිය අසළ වෙඩි වැදුණු මළ සිරුරක්..

Mohamed Dilsad

Leave a Comment