ප්‍රමුඛ පුවත 1

ජවිපෙ අලුත් පෙරමුණකින් ජනාධිපතිවරණයට

 

(UTV|කොළඹ) –  ජනතා විමුක්ති පෙරමුණ මෙවර ජනාධිපතිවරණයට අලුත් පෙරමුණක් යටතේ තරග කරනු ලබන බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මාධ්‍ය වෙත පැවසීය.

මේ නව දේශපාලන පෙරමුණ මේ වන විට ගොඩ නඟමින් පවතින බවත් ලබන මාසයේදී එය රට හමුවේ තබන බවද එහි අරමුණ ජනතා මතවාදයන් වෙනස් කරමින් රට හදන පුළුල් සංවිධානයක් ලෙස කටයුතු කිරීම බවද ඔහු පැවසීය.

එය ජනාධිපතිවරණය හෝ මහ මැතිවරණය පමණක් ඉලක්ක කර ගොඩ නංවන පෙරමුණක් නොවන බවත් රටේ ජාතික ආරක්ෂාව මෙන්ම ආර්ථිකය නංවා ලීම උදෙසා බිම් මට්ටම දක්වා ගොස් කටයුතු කරන පෙරමුණක් බව කී මන්ත්‍රීවරයා මේ පෙරමුණට දේශපාලන පක්ෂ සංවිධාන සිවිල් ක්‍රියාකාරීන් මෙන්ම ප්‍රගතිශීලී සංවිධාන ඇතුළත් බවද කිවේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නියෝජිතයින් ඇමති රිෂාඩ් හමුවෙයි(ඡායාරූප)

Mohamed Dilsad

කොම්පඤ්ඤවීදියෙන් කඩු-කිනිසි-හමුදා ඇඳුමට සමාන ඇඳුම්. සැකකරුවෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

‘ෆොනී’ අතිශයින් චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙමින් පවති

Mohamed Dilsad

Leave a Comment