ප්‍රමුඛ පුවත 1

ජනපති ආචාර්ය පණ්ඩිත් අමරදේව සංගීත අසපුව නිරීක්ෂණයට

(UTV| කොළඹ) – බත්තරමුල්ල අපේගම ආසන්නයේ ඉදිකෙරෙන ආචාර්ය පණ්ඩිත් අමරදේව සංගීත අසපුව ලබන අගෝස්තු 31 වනදාට පෙර ඉදි කිරීම් නිම කර ජනතා අයිතියට පවරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

ජනාධිපතිවරයා ඊයේ (10) පස්වරුවේ සංගීත අසපුවේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් මේ බව කියා සිටියේය.

මෙය පුස්තකාලයක් , ලේඛණාගාරයක් , කෞතුකාගාරයක් , සම්මන්ත්‍රණ ශාලාවක් , ශබ්දාගාරයක් සහ එලිමහන් රගහලකින්ද සමන්විත වෙයි.

ආචාර්ය පණ්ඩිත් අමරදේව ජීවත්ව සිටි කාලයේදී කරන ලද ඉල්ලීමකට අනුව සහ එතුමාගේ අවමංගල්‍ය උත්සවයේදී ජනාධිපතිවරයා ලබාදුන් පොරොන්දුවකට අනුව මෙහි ඉදිකිරීම් කටයුතු අරඹනු ලැබුවේය.

මේ ඉදි කිරීම් සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 200 කි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ සංදේශය පස්වරුවේ ජනපති වෙත

Mohamed Dilsad

ජනපති සහ මැලේසියා අගමැති අතර හමුවක්

Mohamed Dilsad

ඉස්ලාම් ත්‍රස්තවාදය ගැන අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක් [PRESS RELEASE]

Mohamed Dilsad

Leave a Comment