ප්‍රමුඛ පුවත 1

කුවේට්හි සේවයට ගිය පිරිසක් යළි දිවයිනට

(UTV| කොළඹ)  – කුවේට් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් සිටි 41 දෙනෙක් යළි දිවයිනට පැමිණියහ.

අද කටුනායක ගුවන් තොටුපලෙන් මෙරටට පැමිණි අතර මෙලෙස පැමිණි පිරිස අතර ගෘහ සේවය සඳහා ගිය කාන්තාවන් 12 දෙනෙකුද වේ.

ඔවුන් මහනුවර, මන්නාරම, යාපනය ප්‍රදේශවල පදිංචිකරුවන් බව වාර්තාවේ.

මොවුන් පසුගිය මස 31 වනදා කුවේට් රාජ්‍යය වෙත ගොස් ඇත්තේ ආහාර නිෂ්පාදන ආයතනයක බෙදාහැරීමේ අංශයේ යතුරුපැදි ධාවකයන් ලෙසයි.

ඔවුන් නවාතැන් ගෙන සිට පැරණි නවාතැන වෙත පැමිණි එරට රැකියා නියෝජිත පිරිසක් මොවුන්ට අලූත් නවාතැනක් සූදානම් කර ඇති බැවින් එම ස්ථානය වෙත රැගෙන යන බව පවසා බස් රථයක නංවාගෙන කුවේට් ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත රැගෙනවිත්දමා පළාගොස් ඇති බව ඔවුන් පවසයි.

පසුව එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුවත් කර මොවුන් මෙරටට පැමිණීමට කටයුතු සුදානම් කරගත් බව ඔවුන් පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ජනාධිපතිවරණය තුළ අන්තවාදී තත්ත්වයන් මතුකර දැක්වීමේ උත්සාහයක්

Mohamed Dilsad

අභියාචනාධිකරණයේ නව සභාපතිවරයා දිවුරුම් දෙයි

Mohamed Dilsad

තවත් ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කෙරේ

Mohamed Dilsad

Leave a Comment