ක්‍රීඩා

නුවන් ප්‍රදීප්ට, ලෝක කුසලාන ඉදිරි තරඟය අහිමි වෙයි

(UTV| කොළඹ) –  බංග්ලාදේශ් ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව හෙට (ජුනි 11) දිනයේදී පැවැත්වීමට නියමිත තරඟයට වේග පන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප් සහභාගී නොවනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

ඒ පුහුණුවීම් අතරතුර ඔහු ආබාධයකට ලක්වීම හේතුවෙනි.

නුවන් ප්‍රදීප් පන්දු යැවීම සඳහා යොදා ගන්නා අතේ සුලැඟිල්ල ඊයේ (ජුනි 09) බ්‍රිස්ටල් ක්‍රීඩාංගනයේ පැවති පුහුණුවීම් අතරවාරයේ ආබාධයට ලක් වූ අතර එහි කැපුමක් සිදුව ඇත.

අනතුරුව ඔහු රෝහල් ගත කර තිබේ.

එහිදී වෛද්‍යවරුන් විසින් ආබාධයට ලක් වූ ඇඟිල්ලට මැහුම් දමා ඇති බව වාර්තාවේ.

ඒ අනුව ඔහුගේ තුවාල සුව අතට පත්වීම සඳහා සතියක පමණ කාලයක් අවශ්‍ය වනු ඇති බව වෛද්‍යවරුන් පවසා තිබේ.

ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගය හෙට ‘බ්‍රිස්ටල් කන්ට්‍රි ග්‍රව්න්ඩ්’ ක්‍රීඩාංගනයෙහි ආරම්භ වීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට විශිෂ්ට ජයක්

Mohamed Dilsad

2020 ටෝකියෝ ඔලිම්පික් කල් යයි

Mohamed Dilsad

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පළමු එක්දින තරඟය අදයි

Mohamed Dilsad

Leave a Comment