ප්‍රමුඛ පුවත 1

ඉල්ලා අස්වුණේ රටතුළ තවත් විනාශයක් ඇතිවීම වැළැක්වීමටයි – රිෂාඩ්

(UTV| කොළඹ)  –  “අහිංසක සිංහල සහ මුස්ලිම් ජනතාව අතර තවත් කළු ජූලියක් ඇති කිරීම සඳහා ඇතැමුන් උත්සාහ දරමින් සිටින හෙයින්” එවැන්නක් වළක්වා ගැනීම සඳහා තමන් තනතුරින් ඉවත් වූ බව අමාත්‍ය රිෂාඩ් බදියුද්දීන් මහතා පවසයි.

රිෂාඩ් බදියුද්දීන් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ බීබීසී සිංහල සේවය සමඟ සජීවී සාකච්ඡාවකට එක් වෙමිනි.

ඔහු අමාත්‍ය තනතුරින් ඉල්ලා අස්වීමෙන් පසුව සහභාගී වූ පළමු සජීවී සාකච්ඡාව මෙය වන අතර තමන් ඉල්ලා අස් වුයේ විශ්වාසභංග යෝජනාවට බියවී හෝ වෙන හේතුවක් නිසා හෝ නොවන බවද ඔහු  සඳහන් කළේය.

තමන්ට එරෙහිව චෝදනා එල්ල කිරීම ජාතිවාදී කල්ලියක ගේ දේශපාලන කොන්ත්‍රාත්තුවක් බව ඔහු පැවසීය.

තමන්ට පවතින චෝදනා කිසිවක් මේ වන තෙක් ඔප්පු වී නොමැති බව ඔහු  මෙහිදී අවධාරණය කළේය.

රිෂාඩ් බදියුද්දීන් මන්ත්‍රීවරයා බීබීසී සිංහල සේවය සමඟ කල වීඩියෝව පහතින්

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

පැහැරගත් ශ්‍රී ලාංකික නෞකාව මුදා හැරීමට කප්පම් ඉල්ලයි

Mohamed Dilsad

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය අද යාපනේදී

Mohamed Dilsad

ගෝඨාභය රාජපක්ෂගේ මුලික විරෝධතාව ප්‍රතික්ෂේපයි

Mohamed Dilsad

Leave a Comment