ප්‍රමුඛ පුවත 1

ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය පිලිබඳ සාකච්චාවක්

(UTV| කොළඹ) – ජුනි 26 දිනට යෙදී තිබෙන ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය දිනයට සමගාමීව ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ප්‍රකාශයට පත් කර ඇති ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය ජූනි 23 සිට ජූලි 01 දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මෙම මත්ද්‍රව්‍ය නිවාරණ සතිය තුළ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන වැඩසටහන් හා මහජනතාව දැනුවත් කිරීම් සම්බන්ධයෙන් මෙම වැඩපිළිවෙල සමඟ සෘජුව සම්බන්ධවන රාජ්‍ය ආයතන සමඟ සාකච්ඡාවක් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැත්විණි.

එහිදී යෝජිත වැඩසටහන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන පූර්ව මාධ්‍ය ප්‍රචාරක වැඩපිළිවෙල සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කළේ ය.

මෙම වැඩපිළිවෙල ශක්තිමත්ව ඉදිරියට ගෙන යෑමේ අවශ්‍යතාවය පෙන්වා දුන් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා ඒ සඳහා සියලු ආයතන ඒකරාශී වෙමින් මේ සඳහා සහයෝගය දැක්වීම උචිත බව පැවසීය.

එමෙන් ම ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙල සඳහා ජනතාව දැනුවත් කිරීමට අවශ්‍ය ප්‍රචාරක වැඩපිළිවෙලට සම්පූර්ණ සහයෝගය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ලබාදීමට සූදානම් බව ද පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලොව පුරා කොරෝනා ආසාදිතයන් ලක්ෂ හතර ඉක්මවයි

Mohamed Dilsad

ලොතරයිපතක මිල නැවත රුපියල් 20 වෙයි

Mohamed Dilsad

අද සිට ඇඳිරි නීතිය රාත්‍රී 11.00 සිට ක්‍රියාත්මක වේ

Mohamed Dilsad

Leave a Comment