ප්‍රමුඛ පුවත 1

හමුදා බුද්ධි මේජර්වරයෙක් ලෙස හදුන්වාගත් අයෙක් STF අත්අඩංගුවට

 

(UTV – කොළඹ) – ශ්‍රී ලංකා යුද හමුදාවේ බුද්ධි අංශ මේජර්වරයෙකු ලෙස තමන්ව හඳුනා ගනිමින් කටයුතු කල සැකකරුවෙක්, මොරටුව සොයිසාපුර නිවාස සංකීර්ණයේදි පොලිස් විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ කොට්ඨාසයේ විශේෂ කණ්ඩායම විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

අත්අඩංගුවට පත් සැකකරු මොහොමඩ් නිසාර් ඉම්රාන් නොහොත් ජෝන් වෝල්ක් යන නමින් හැඳින්වෙන බවද පැවසේ.

සැකකරුත් සමග ජංගම දුරකතනය, කැමරා දෙකක්, වයිෆයි ඩ්‍රෝන කැමරාවක්, ලැප්ටොප් පරිගණක දෙකක්, කඩුවක් හා හමුදා ටී – ෂර්ට් තුනක්ද විශේෂ කාර්ය බළකා බාරයට ගෙන ඇත.

අක්කරේපත්තුවේ පදිංචි මෙම 26 හැවිරිදි සැකකරු ව්‍යාජ නම් භාවිත කරමින් අන්තවාදී කටයුතු වලටඑක්ව ඇති බවට පොලිස් විශේෂ කාර්ය බළකාය තහවුරු කරගෙන ඇති බවත් එම කාර්යාලය කියයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

16දෙනා විශේෂ ප්‍රකාශයකට සුදානම්

Mohamed Dilsad

තවත් නාවිකයින් පිරිසක් සුවය ලබයි

Mohamed Dilsad

එජාපයේ නායකත්වය සජිත්ට හිමිවිය යුතුයි – තිස්ස අත්නායක [VIDEO]

Mohamed Dilsad

Leave a Comment