ප්‍රමුඛ පුවත 1

ප්‍රවීණ රංගන ශිල්පිනී චිත්‍රා වාකිෂ්ඨ මහත්මිය අභාවප්‍රාප්ත වෙයි.

(UTV| කොළඹ) – සම්මානලාභී ප්‍රවීණ රංගන ශිල්පිනී චිත්‍රා වාකිෂ්ඨ මහත්මිය අභාවප්‍රාප්ත වි තිබේ.

අභාවප්‍රාප්ත වන විට ඇය 83 වන වියෙහි පසු වුවාය.

කෝපිකඩේ ටෙලිනාට්‍ය ආරම්භයේ සිටම ඊට රංගනයෙන් දායක වූ චිත්‍රා වාකිෂ්ඨ මහත්මිය එදා මෙදාතුර ටෙලිනාට්‍ය සහ චිත්‍රපට රැසකට සිය රංගන දායකත්වය ලබා දී ඇත.

ගැහැණු ළමයි චිත්‍රපටය සදහා වාකිෂ්ඨ මහත්මිය කළ රංගනය වෙනුවෙන් ජනාධිපති සම්මානයෙන් ද පිදුම් ලැබීය.

චිත්‍රා වාකිෂ්ඨ මහත්මිය ස්වාධීන රූපවාහිනියේ විධායක නිලධාරියෙකු මෙන්ම ප්‍රවීණ නිවේදකයෙකු හා රංගන ශිල්පියෙකු වන ප්‍රාන් වාකිෂ්ඨ මහතාගේ මෑණියන්ද වේ.

ඒ මහත්මියගේ දේහය පිළිබද අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඖෂධ කර්මාන්තශාලාවකට මුල්ගල තැබේ

Mohamed Dilsad

ඩොලර් මිලියන 11කට අධික යාත්‍රා දෙකක් ශ්‍රී ලංකා රජයට භාර දීමට සුදානම්

Mohamed Dilsad

නැගෙනහිර ජලාශ රැසක ජල මට්ටම ඉහලට

Mohamed Dilsad

Leave a Comment