විදෙස්

අගමැති මෝදිගේ සිවුරුම් දීමට එන්න රාජ්‍ය නායකයින් රැසක් සුදානමින්

(UTV|ඉන්දියාව)  – ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ දිව්රුම් දීමේ උත්සවයට සහභාගී වීම සඳහා බිම්ස්ටෙක් රටවල නායකයන්ට ආරාධනා කර ඇති බව ඉන්දීය මාධ්‍ය වර්තා කරයි.

බිම්ස්ටෙක් සංවිධානයට අයත් බංග්ලාදේශය , ඉන්දියාව  ,මියන්මාරය , ශ්‍රී ලංකාව , තායිලන්තය , නේපාලය සහ භූතානය යන රට වල  නියෝජිතයින්ට මේ සඳහා ආරාධනා ලැබෙනු ඇති බවයි වාර්තාවේ.

මීට අමතරව ලබන 30 වනදා පස්වරු 7 ට නව දිල්ලි නුවර රාශ්ට්‍රපතිභවන්හි පැවැත්වෙන මෙම අවස්ථාවට , කිර්ගිස්ථානය සහ මොරිෂස් රාජ්‍ය නායකයින්ට ද ආරාධනා කර තිබේ.

කෙසේ වෙතත් පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් වෙත මේ සඳහා ආරාධනා ලැබී නොමැති බවයි ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙන්නේ.ඒ අනුව පකිස්ථානය සමඟ පළුදු වූ සබඳතා තරකරගැනීමට ඉන්දියාව තවමත් අපේක්ෂා නොකරන බවද  පෙනී යයි.

කෙසේ වෙතත් බංග්ලාදේශ ජනාධිපති අබ්දුල් හමීඩ් මෙම අවස්ථාවට සහභාගී වීමට නියමිතය.

මියන්මාරය නියෝජනය කරමින් මෙම අවස්ථාවට අවුන් සාන් සුචී සහභාගීවනවා ද , ජනාධිපති වින් මින්ට් සහභාගී වනවා ද යන්න මෙතෙක් තහවුරු වී නොමැත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා රුසියානු ජනපති හමුවීමට සුදානම්

Mohamed Dilsad

ඇමරිකාව සහ හොංකොං අතර මුහුද යට කේබල් ව්‍යාපෘතිය නවතා දමයි

Mohamed Dilsad

ලොවපුරා කොරෝනා රෝගීන් ගණන 5 ලක්ෂ 30දහස ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment