ක්‍රීඩා

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් පුහුණු තරගයෙන් නවසීලන්තයට කඩුලු 6 ක ජයක්

(UTV| කොළඹ) – මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සමගාමීව ඉන්දීය කණ්ඩායම සමග පැවැති පුහුණු තරගයෙන් කඩුලු 6 ක ජයක් වාර්තා කිරීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය.

ලන්ඩන්හි කෙනින්ටන් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේ කාසිය වාසිය දිනා ගනිමින් පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායමේ සියලු දෙනා පන්දුවාර 39 යි පන්දු 2 ක් අවසානයේ ලකුණු 179 කට සීමා කිරීමට නවසීලන්ත පන්දු යවන්නන් සමත් විණි.

නායක විරාත් කෝලි ලකුණු 18 ක් රැස් කළ අතර හර්දික් පාන්ඩ්‍යා ලකුණු 30 යි.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ රවින්ද්‍ර ජඩේජා ලකුණු 54 ක් රැස් කළ අතර මහේන්ද්‍ර සිං දෝනි ලකුණු 17 ක් රැස් කළේය.

අනතුරුව ජයග්‍රහනය සඳහා ලකුණු 180 ක ඉලක්කයක් හඹාගිය නවසීලන්ත ක්‍රීඩකයින් එම ඉලක්කය පසුකළේ පන්දුවාර 37 යි එක් පන්දුවක් අවසානයේ කඩුලු 4 ක් පමණක් දැවී තිබියදීයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

එංගලන්ත කාන්තා පිළේ පුහුණුවීම් ඉදිරි සතියේදී ඇරඹේ

Mohamed Dilsad

සුප්‍රකට බොස්ටන් මැරතන් තරඟමාලාව අවලංගු කරයි

Mohamed Dilsad

ශ්‍රී ලංකා කණ්ඩායම ජූලි සිට තරඟ සඳහා සුදානම්

Mohamed Dilsad

Leave a Comment