ප්‍රමුඛ පුවත 1

කේරළ ගංජා කිලෝග්‍රෑම් 245 ක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

(UTV|යාපනය)  – කේරළ ගංජා කිලෝග්‍රෑම් 245 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට ගැනේ.

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (25) අළුයම උතුරු මුහුදේ සිදු කළ මුර සංචාරයක් අතරතුරදි කේරළ ගංජා කිලෝග්‍රෑම් 245 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් අද වෙත්තල‍කර්නි වලට ඔබ්බෙන් වූ මුහුදු ප්‍ර‍දේශයේ සිදු කරන ලද මුර සංචාරයක් අතරතුරදි මෙම කේරළ ගංජා තොගය සමඟ පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇත. මෙම කේරළ ගංජා තොගය ඩිංගි යාත්‍රාවක් මඟින් මුහුදු මාර්ග ඔස්සේ ශ්‍රී ලංකාවට රැගෙන ඒමට උත්සහ කර ඇත බවට සැක පළ කරයි.

අත්අඩංගුවට ගත් පුද්ගලයින්, කේරළ ගංජා තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිසිය වෙත භාරදීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඇමති කබීර් හෂීම් ජනපති කොමිසම හමුවට

Mohamed Dilsad

ත්‍රස්ත ප්‍රහාරයෙන් බිදුණු සිත් එක් කිරීමට ආගමික නායකයන් සහ දේශපාලනඥයන් මුල් විය යුතු බව ජනපති කියයි

Mohamed Dilsad

රත්‍රන් ජාවාරමේ නිරතවූ ශ්‍රී ලාංකිකයෙකු ඉන්දියාවේදී අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment