ප්‍රමුඛ පුවත 1

ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන්ගේ මිලියන 134 ක් තිබු බැංකු ගිණුම් 41ක මෙහෙයුම් අත්හිටුවයි

(UTV| කොළඹ) – පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ බැංකු ගිණුම් 41 ක රුපියල් මිලියන 134 කට අදාළ මෙහෙයුම් අත්හිටුවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

ආරක්ෂක අමාත්‍යාංශ මාධ්‍ය කේන්ද්‍රයේ අද (24) පැවති මාධ්‍ය හමුවේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව කියා සිටියේය.

විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවත් රුපියල් මිලියන 14 ක් සොයාගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

සැකකරුවන්ගේ රුපියල් බිලියන 07 ක වත්කම් සම්බන්ධයෙන්ද විමර්ශන ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මත් රකුසාට ඉඩක් නැහැ – සජිත් කියයි [VIDEO]

Mohamed Dilsad

කරදියාන කසළ අංගනයට කසළ බැහැර කිරීම තාවකාලිකව නවතී

Mohamed Dilsad

ඉන්දුනීසියානු ජනපති දිවයිනෙන් පිටත් වෙයි

Mohamed Dilsad

Leave a Comment