ප්‍රමුඛ පුවත 1

කරදියාන කසළ අංගනයට කසළ බැහැර කිරීම තාවකාලිකව නවතී

(උදයම්,කොළඹ)  – පිළියන්දල කරදියාන කසළ අංගනයට කැලි කසළ බැහැර කිරීමේ කටයුතු මේ වන විට තාවකාලිකව නතර කර ඇති බව කරදියාන කසළ අංගනයේ ව්‍යාපෘති කළමණාකරු ධනුක විජේරත්න මහතා පවසයි.ඒ ජනතාවගෙන් දිගින් දිගටම එල්ල වන විරෝධතා හේතුවෙනි.

අද (19)උදෑසන කාලයේදී කසළ බැහැර කිරීම සිදුකළද පෙරවරු 9.30 සිට පමණ ප්‍රදේශවාසීන් ආරම්භ කළ විරෝධතාව හේතුවෙන් කසළ බැහැර කිරීමේ කටයුතු තාවකාලිකව නවතා දැමීමට සිදුව තිබේ. කොළඹ එක්රැස් වන කැලිකසල කරදියාන කසළ අංගනයට බැහැර කරන ලෙස ඊයේ අධිකරණය නියෝග කළේය.

නමුත් ඊට එරෙහිව ප්‍රදේශවාසීන් සහ දේශපාලනඥයින් පිරිසක් එක්ව මෙම විරෝධතා සංවිධානය කර තිබුණි.

 

Related posts

රොබෝවරුන් නිසා 2030 දී රැකියා මිලියන 20 ක් අවදානමට

Mohamed Dilsad

කොරෝනා රෝගීන් ගණන තවත් ඉහළ යයි

Mohamed Dilsad

මරණ දඬුවමට එරෙහි අභියාචනාධිකරණ පෙත්සම යළි සළකා බැලීම හෙටට කල් යයි

Mohamed Dilsad

Leave a Comment