ප්‍රමුඛ පුවත 1

ප්‍රහාරය ගැන සොයන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සමාජිකත්වයෙන් ඉවත්වූ මන්ත්‍රී කාවින්ද(AUDIO)

(UTV| කොළඹ) – පාස්කු ඉරිදා එල්ලවු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සමාජිකත්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.

එම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සමාජිකයින්ගේ නම් කතානායක කරූ ජයසුරිය මහතා  විසින් ඊයේ පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ලැබීය.

නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතාගේ සභාපතිත්වයෙන් යුතු එම කාරක සභාව, සාමාජිකයින් 12 දෙනෙකුගෙන් සමන්විත වේ.

ඊට  ආණ්ඩු පක්ෂ පාර්ශ්වයෙන් අමාත්‍ය රවුෆ් හකිම්, අමාත්‍ය රවි කරුණානායක සහ එක්සත් ජාතික පක්ෂයේ පර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා, ආශු මාරසිංහ, අචාර්ය ජයම්පති වික්‍රමරත්න සහ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් යන මහත්වරුන් යෝජනා කර තිබුණි.

කෙසේවෙතත්, එම කාරක සභාව නියෝජනය කිරීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් ඊයේ ප්‍රතික්ෂේප කල අතර  කාරක සභාවේ සමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමට ගත් තීරණය සම්බන්ධයෙන් UTV වෙබ් අඩවිය වෙත අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තාජුඩීන් ඝාතනයේ තවත් තොරතුරු රැසක්

Mohamed Dilsad

අයහපත් කාලගුණයෙන් මිය ගිය ගණන 15 දක්වා වැඩි වෙයි

Mohamed Dilsad

ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රියට විශ්වාසභංගයක්

Mohamed Dilsad

Leave a Comment